ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’

ශ්‍රී ලාංකේය නීතමය ක්ෂේත්‍රයේහි "නීතියේ ආධිපත්‍යය" යන්න වරින් වර දැඩි ලෙස අභියෝගයට ලක් වන්නා වූ සංකීර්ණ සමාජ වටපිටාව සිනමා රූප රාමුවකට ගොනු කරනු ලැබූ රිවස්ටන් චිත්‍රපයට ශ්‍රාම් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර සහ රන්දික ගුණතිලක ප්‍රාධාන රංගනයෙන් දායක වී ඇත.  

මෙම රිවස්ටන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයෙහි ගුණාත්මක මෙන්ම අර්ථ පූර්ණ නිර්මාණකරණයක නිරත වන ලලිත් රත්නායක විසින්. මෙහි තිරපිටපත් රචනය ලලිත් රත්නායක සමඟින් නිලන්ත පෙරේරා සිදුකොට ඇත.

ශ්‍රී ලාංකීය සිනමා හා රූපවාහිනී කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රෝෂන් සහ සම්මානලාභී ශ්‍රී ලාංකික රංගන ශිල්පීනියක් වූ නිමන්ති පෝරගේ විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම සිනමා පටය වන්නේද මෙම රිවස්ටන් චිත්‍රපටයයි. 

ආනන්ද කුමාර උන්නැහේ, මැල්කම් මචාඩෝ, පබෝදනී චන්ද්‍රසේකර සහ  සමන්ත කුමාර ගමගේ මෙහි රංගනයෙන් දායක වෙනවා.

තිරගත කරන්නට පෙර ලොවපුරා ජාත්‍යන්තර සිනමා උළෙල රැසක් නියෝජනය කරමින් විදෙස් සම්මානයන්ට පාත්‍ර වන්නටත් රිවස්ටන් චිත්‍රපටයට හැකියාව හිමිවුනා.

මෙම චිත්‍රපටයේ මාධ්‍ය එළිදැක්වීම පසුගිය 20 වනදා නළුනිළියන් සහ මාධ්‍ය ආයතන රැසකගේ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් Colombo City Center හි Scope සිනමා ශාලාවේදී පැවැත්වුණා.

රිවස්ටන් යනු හුදෙක් අපරාධමය චිත්‍රපටයක් නොව, නීතිය පසඳලීමේ ක්‍රියාවලිය දේශපාලන උපකරණයක් බවට පත්ව ඇති සමාජයක පුද්ගල හෘද සාක්ෂිය කෙතරම් අසරණ වන්නේද යන්න පසක් කර දෙන සමාජ - මනෝවිද්‍යාත්මක කැඩපතකි. එය බලය, යුක්තිය සහ මානුෂීය වටිනාකම් අතර ඇති අතිශය සියුම් සහ අන්තරායකර රේඛාව අපට පෙන්නුම් කරන්නා වූ චිත්‍රපටයක් ලෙස මෙම රිවස්ටන් චිත්‍රපටය හඳුන්වා දිය හැකිය.

සටහන - ජනින්දි කවිත්මා

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

Crimson Elegance Rukshana Read Next

Crimson Elegance Rukshana

Realted Post

Leave a comment