ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද (25) පෙරවරු 06.05ට යෙදී තිබුණි.

පෙර සිට පැවත එන සිරිතට අනුව අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ පිහිටි "පණස වෘක්ෂයේ" පේ කොට තබන ලද ශාඛාවක් ඊයේ (24) මහනුවරට පෙරහැරින් රැගෙන ඒම සිදු විය.

අනතුරුව නිලමේවරුන්ගේ සහභාගිත්වයෙන් පුරාණ චාරිත්‍ර හා ආගමික වතාවත්වලට අනුව මෙම කප් සිටුවීමේ මංගල්‍යය ආරම්භ විය.

මේ අතර ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහර මංගල්‍යෙයේ ප්‍රථම කුඹල් පෙරහැර එළැඹෙන 30 වැනිදා ආරම්භ වීමට නියමිතය.

එමෙන්ම අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දිනද, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා Read Next

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා

Realted Post

Leave a comment