ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් කැපීමේ චාරිත්‍රය අද

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන වන සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සඳහා කප් කැපීමේ පුරාණ චාරිත්‍රය අද (24) අලුයම යෙදුණු සුබ මොහොතින් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේදී සිදුවිය.

ඇසළ පෙරහැර ආරම්භයට ප්‍රථමයෙන් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී කප් සිටුවීම සිදුවන අතර ඒ සඳහා පුරාතනයේ සිට යොදා ගනුයේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේ පිහිටි කිරි සහිත ඵල නොදැරූ කොස් ගසකි.

අද අලුයම 04.32ට යෙදුණු සුබ මොහොතින් කප් කැපීම සිදුකරන ලද්දේ එම චාරිත්‍රය ඉටු කරන වන්නක්කු රාළ විසිනි.  තෝරාගත් ගස වටා පිරිසිදු කොට තිර ඇද, ගස සුවඳ පැනින් නාවා, සුවඳ දුම් අල්වා සුභ මුහුර්තියෙන් ගස නැගෙනහිර දිශාවට වැටෙන සේ  කපා හෙළීම සිදුකරයි.

මහනුවර විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ මෙහෙයවීම මත මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා විසින් වන්නකුරාල වෙත රීදී පොරව ප්‍රදානය කළ අතර අනතුරුව සුබ මොහොතින් නැගෙනහිර දිශාවට වැටෙන සේ කප හෙළීම සිදුකෙරිණි.

පසුව සුදු රෙදි කඩින් ඔතා සිදු වියන් සහිතව මහ පෙරහැරින් කප අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල වෙත වැඩම කොට පුද චාරිත්‍ර පැවැත්වීමෙන් පසුව එය මහා පෙරහැරින් මහනුවර විෂ්ණු දේවාලය කරා වැඩම කිරීම සිදුවිය.

අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර දම්සිරි  බණ්ඩාර කරුණාරත්න මහතා, විදානේ රාළ වන වරුණ බණ්ඩාර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

හැඩැති මුහුණකට මේවා අතහරින්න Read Previous

හැඩැති මුහුණකට මේවා අතහරින්න

කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ? Read Next

කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ?

Realted Post

Leave a comment