ඓතිහාසික මඩුවන්වෙළ නව සංචාරක කලාපයක්

ඓතිහාසික මඩුවන්වෙළ වලව්ව කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක කලාපයක් ඇති කිරීමේ අරමුණින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඊයේ පස්වරුවේ සබරගමුව කොළොන්න කෝරළයේ පිහිටි සුවිශේෂ සංස්කෘතික උරුමයක් වන මඩුවන්වෙළ වලව්ව නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත විය.

ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කාර්යයේදී, සබරගමුව පළාතේ කේන්ද්‍රීය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස මඩුවන්වෙළ වලව්ව ප්‍රවර්ධනය කරමින් වැඩිදියුණු කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ මුඛ්‍ය අරමුණ විය. ඒ අනුව මෙම ඓතිහාසික පරිශ්‍රය ආශ්‍රිතව නව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ඉදිරි කටයුතු කඩිනම් කිරීම පිළිබඳව අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට  අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙම සුවිශේෂ අවස්ථාව සඳහා අමාත්‍යතුමා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ, රත්නපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ හේමමාලි විජේසිංහ, ඇඹිලිපිටිය නගරාධිපති ගාමිණි කීර්තිලාල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

දිගු කලක් නිරෝගීව ජීවත් වෙන්න ආහාර පුරුදු තුනක් Read Previous

දිගු කලක් නිරෝගීව ජීවත් වෙන්න ආහාර පුරුදු තුනක්

ලස්සන තරමට භයානක එයාගේ පාට බලන්නකෝ Read Next

ලස්සන තරමට භයානක එයාගේ පාට බලන්නකෝ

Realted Post

Leave a comment