කන්නගී

යුවතියකගේ අභිමානය  පාරිශුද්ධත්වයයි.තම බාල සොයුරියන්ගේ ආරක්ෂාව මෙන්ම ගෞරවය වෙනුවෙන් දිවි දෙවෙනි කොට සටන් වැදි නිර්භීත දියණියකගේ අතිශය සංවේදී මෙන්ම ,ත්‍රාසය භීතිය හා කුතුහලයෙන් පිරි කතා පුවතක් වටා ගොඩ නැගී ඇති "කන්නගී" ශාන් ජයරත්න විසින් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කර ඇත.

ශාන්ගේ තෙවන සිනමා නිර්මාණය වන මෙහි, ශලනි තාරකා ,චමීර ලියනගේ,කසුනි කාවින්දි,ගගනි තමාෂා, කෞශල්‍යා ප්‍රනාන්දු, නිරෝෂන් විජේසිංහ, කලණ ගුණසේකර,සමිත සුදීශ්වර, මයුර කාංචන පෙරේරා, ජයනාත් බණ්ඩාර,කාවිංග පෙරේරා, මාදනී මල්වත්තගේ, වසන්ත මොරගොඩ, සමන්ත කුමාරගමගේ, සංසලා සුරවීර ආරච්චිගේ ඇතුළු ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වය දක්වා ඇත. චානක සංජීව කැමරා අධ්‍යක්ෂණයෙන්ද, තරිඳු ආරච්චිගේ සහය අධ්‍යක්ෂණයෙන් හා සහන් රන්වල සංගීත අධ්‍යක්ෂණයෙන්ද ,ගිෂාන් ප්‍රභාත් තෙන්නකෝන් සංස්කරණයෙන් හා වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර, ශබ්ද සැලසුම්කරණයෙන් සසික රුවන් මාරසිංහ,  නිෂ්පාදන කළමනාකරණයෙන් ඩිලාන් රොෂාන් ,කලා  අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න කුමාරගේ, අංග රචනයෙන් තරුෂ දිල්නයන , ප්‍රචාරණ සැලසුම්කරණයෙන් මෙවන් ලියනගේ එක්වී ඇති "කන්නගී" තුෂාන්ත චන්දිමගේ නිෂ්පාදනයකි .

58වන ආසියානු කායවර්ධන හා ෆිසීක් ක්‍රීඩා ශූරතාවලියට යන අපේ කණ්ඩායම Read Previous

58වන ආසියානු කායවර්ධන හා ෆිසීක් ක්‍රීඩා ශූරතාවලියට යන අපේ කණ්ඩායම

ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද? Read Next

ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද?

Realted Post

Leave a comment