ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2025 වසරේ ඉහළම කාර්ය සාධනයක් දැක්වු දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ “මෙහෙවර පැසසුම්” වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 03ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් ජනාධිපති අරමුදලේ අයදුම්පත්  ලැබීමේ සහ ඒවාට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 03ක් බැගින්, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 09ක් මෙලෙස ඇගයීමට ලක් කෙරිණි.

 

ටෙස්ලා ලෝකයට ගෙනෙන පියාසර කරන මෝටර් රථය - තාක්ෂණයේ නව පෙරළිය Read Previous

ටෙස්ලා ලෝකයට ගෙනෙන පියාසර කරන මෝටර් රථය - තාක්ෂණයේ නව පෙරළිය

හෘද රෝග අවදානම අඩු කරන දෙයක්  ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු Read Next

හෘද රෝග අවදානම අඩු කරන දෙයක් ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු

Realted Post

Leave a comment