SLT-MOBITEL පාරිභෝගික සේවා සතියට The Extra Mile

සේවා විශිෂ්ටත්වය සහ කාර්ය මණ්ඩලයේ දායකත්වය අගයන අතරම පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම සඳහා නව පියවර මාලාවක් හඳුන්වා දෙයි 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2026 පාරිභෝගික සතිය නිමිත්තෙන් ‘The Extra Mile’ නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය. 2026 ඔක්තෝබර් 05 දින SLT ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් දියත් කරන ලද මෙම වැඩසටහන 2026 ඔක්තෝබර් 09 දින දක්වා පැවැත්විණි. මෙම වැඩසටහනේදී ආයතනයේ පාරිභෝගික කේන්ද්‍රීය සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කිරීම, සේවක දායකත්වය ඇගයීම සහ සමාගමේ සියලුම අංශවල සේවා විශිෂ්ටත්වය ඉහළ නැංවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

නේවාසික, ආයතනික සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යන කාණ්ඩ ඇතුළුව සියලුම කාණ්ඩවලට අයත් පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙන SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ කැපවීම, මෙම සතිය පුරා විවිධ වැඩසටහන් ඔස්සේ ඇගයීමට ලක් විය. සෘජුවම පාරිභෝගිකයන් වෙත සේවාවන් ලබාදෙන කණ්ඩායම් මෙන්ම අභ්‍යන්තර සේවා කණ්ඩායම්වල දායකත්වයද ඇගයීමට SLT-MOBITEL මෙහිදී කටයුතු කළේය. 

සේවා විශිෂ්ටත්වය ආරම්භ වන්නේ ආයතනය තුළින්ම බව SLT-MOBITEL දැඩි ලෙස විශ්වාස කරයි. එම විශ්වාසය ඔස්සේ, පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා සියලුම දෙනා එක්ව, කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද මෙම වැඩසටහන තුළදී අවධාරණය කෙරිණි.

මෙම වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස SLT-MOBITEL විසින් සංවිධානය කරන ලද සේවා විශිෂ්ටතා අභියෝගතා වැඩමුළුව සහ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ Cinnamon Grand හෝටලයේදී පවත්වන ලදි. 2026 අගෝස්තු 20 සිට සැප්තැම්බර් 30 දක්වා පැවැති මෙම අභියෝගතා වැඩමුළුවට Enterprise Help Desk, Service Assurance Team, SD-WAN Operations, Managed Services Operations සහ Managed Security Operations යන අංශවල සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ. පාරිභෝගික සේවා කුසලතා මෙන්ම සේවාවෙහි ගුණාත්මකභාවය නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් මෙම වැඩමුළුවට සහභාගී වූ සෑම කණ්ඩායමකම ඉහළම දක්ෂතා දැක්වූ තිදෙනෙකුට සහතිකපත් සහ මුදල් ත්‍යාග පිරිනමන ලදි.

මෙම වැඩසටහනට කාර්ය මණ්ඩලයේ මෘදු කුසලතා (Soft skills) වර්ධනය කිරීමේ සැසියක්ද ඇතුළත් වූ අතර, එහිදී සන්නිවේදන කුසලතා, අන්තර්පුද්ගල සම්බන්ධතා, ආත්ම විශ්වාසය, කණ්ඩායම් හැඟීම සහ වෘත්තීය ගුණාංග වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකෙරිණි. කාර්ය මණ්ඩලයේ හැකියාවන් වර්ධනය කිරීම, විශිෂ්ටයන් ඇගයීම සහ සේවාවන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම කෙරෙහි සමාගම දක්වන උනන්දුව හා  කැපවීම මෙම වැඩසටහන මඟින් මැනැවින් පිළිබිඹු විය.

මාලදිවයින් වෙළඳපොළට පිවිසෙන Mark and Comm සහ Ethera Business Read Previous

මාලදිවයින් වෙළඳපොළට පිවිසෙන Mark and Comm සහ Ethera Business

තාල පැටලුණු ජීවිත Read Next

තාල පැටලුණු ජීවිත

Realted Post

Leave a comment