මිලියන 50 ක් වටිනා තිසර පටය

ලෝ ප්‍රකට, ‘වික්ටෝරියාස් සීක්‍රට්’ විලාසිතා දැක්ම පසුගිය 18 වැනිදා රාත්‍රියේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තරයේ කැපී පෙනෙන සරාගී නිරූපිකාවෝ රැසක් විලාසිතා දැක්ම වර්ණවත් කළහ.

එම නිරූපිකාවන් අතරින්, ජනප්‍රිය ඇමෙරිකන් නිරූපිකා කයිලි ජෙනර් කාගේත් අවධානය දිනා ගත්තාය. ඒ, ඇය ඇමෙරිකන් ඩොලර් මිලියන 50ක් වටිනා දියමන්ති තිසර පටයකින් සැරසී විලාසිතා වේදිකාවට පිවිසුණු බැවිනි. ‘වික්ටෝරියාස් සීක්‍රට්’ විලාසිතා දැක්ම පැවැත්වෙන්නේ 1996 වසරේ සිටය. එහිදී නිර්මාණශීලී විලාසිතා ප්‍රදර්ශනය කිරීම සිදුවෙයි.  

කයිලි ජෙනර් පැලඳ සිටි තිසර පටය ජේකොබ් ඇන්ඩ් කොම්පැනි සමාගම විසින් නිර්මාණය කරන ලද ඉතිහාසයේ මිල අධිකම තිසර පටය යැයි ද පැවැසෙයි. තිරස පටය කැරට් 5 ත් 18 ත් අතර විශාලත්වයෙන් යුත් සුදු දියමන්ති 91 කින් සමන්විත වූඅතර, එහි මධ්‍යයේ කැරට් 75 කට වැඩි කහ පැහැති දියමන්තියක් ද ඇත.

ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු ලෝක ප්‍රසිද්ධ ‘වික්ටෝරියාස් සීක්‍රට් විලාසිතා දැක්ම’ හැඩ කිරීමට ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනියක ද එක් වූවාය. ඇය එලීනා ගුණවර්ධන ය. ‘වික්ටෝරියාස් සීක්‍රට්’ විලාසිතා දැක්මකට ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනියක සහභාගී වුණු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එලීනා ගුණවර්ධන, වෘත්තීය මට්ටමේ නිරූපිකාවකි.

ගීගී හඩිඩ්, බෙලා හඩිඩ්, අඩ්‍රියානා ලීමා, ඇලෙසැන්ඩ්‍රා ඇම්බ්‍රෝසියෝ, ඉරීනා ෂේක්, ඇෂ්ලි ග්‍රැහැම්, අනෝක් යායි, පැලෝමා එල්සෙසර්, බාබරා පැල්වින්, ඇලෙක්ස් කොන්සානි ඇතුළු ලෝක ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියන් ඒ අතර සිටියහ. විලාසිතා දැක්ම සංගීතයෙන් හැඩ කළේ ටේට් මැක්රේ, මේගන් ඩී ස්ටැලියන්, මේගන් මොරෝනි සහ කේට්ස් අයිස් යන ප්‍රසිද්ධ සංගීත ශිල්පීන්ගේ සහභාගීත්වයෙනි.

කොළඹ අතිරේක දිසාපතිනි නීතිඥ කෞශල්‍යා කුමාරි මහත්මියගේ නවතම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතාට පිළිගන්වයි Read Previous

කොළඹ අතිරේක දිසාපතිනි නීතිඥ කෞශල්‍යා කුමාරි මහත්මියගේ නවතම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතාට පිළිගන්වයි

බේරුවල  සිසු නිපුණතා තරගවලින් ජයගත්  අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි Read Next

බේරුවල සිසු නිපුණතා තරගවලින් ජයගත් අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි

Realted Post

Leave a comment