වියට්ජෙට් සමාගම මධ්‍යම ආසියාව සහ යුරෝපය වෙත සිය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කරයි

මේ වනවිට කොළඹ - හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන වියට්ජෙට් ගුවන් සමාගම,  වියට්නාමයේ හැනොයි (Hanoi)  නගරය, කසකස්ථානයේ අල්මාටි (Almaty) සහ චෙක් ජනරජයේ ප්‍රාග් (Prague) නගරය  සම්බන්ධ කරමින් සිය පළමු ගුවන් ගමන් සේවාව ආරම්භ කර ඇති බව නිල වශයෙන් නිවේදනය කොට තිබේ. ඒ අනුව, සිය අන්තර් මහාද්වීපික ගුවන් ගමන් ජාලය පුළුල් කරමින් යුරෝපීය වෙළෙඳපොළට පිවිසෙන වියට්ජෙට් ගුවන් සමාගම, මෙම නව ගුවන් සේවාවන් හරහා වඩාත් සහනදායී ගුවන් ගමන් පහසුකම් සැලසීමට මෙන්ම ආසියාව සහ යුරෝපය අතර සංචාරක, වෙළෙඳ හා සංස්කෘතික හුවමාරුව තවදුරටත් වර්ධනය කිරීමට ද අපේක්ෂා කරයි.

මෙම නව ගුවන් සේවාව මගින්, වියට්ජෙට් සමාගම කොළඹ සිට ක්‍රියාත්මක කරනු ලබන ගුවන් ගමන් ජාලය තවදුරටත් පුළුල් වනු ඇත. 2026 අගෝස්තු මාසයේ සිට කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් සේවාව සතියකට දින තුනක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ක්‍රියාත්මක වන අතර කොළඹ–හෝ චි මිං නගරය සිට මාලදිවයින් දක්වා වූ නව ගුවන් සේවාව 2026 දෙසැම්බර් 5 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබේ. හැනෝයි නගරය, මේ වනවිට මධ්‍යම ආසියාව සහ යුරෝපය සමඟ සම්බන්ධ වී ඇති බැවින් වියට්ජෙට් හි පුළුල් ගුවන් ජාලය ඔස්සේ ශ්‍රී ලාංකික සංචාරකයින්ට ළඟා විය හැකි ගමනාන්ත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇත.

ඔක්තෝබර් 10 වන දින අල්මාටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ප්‍රාග් හි වාට්ස්ලාව් හාවෙල් (Václav Havel) ගුවන්තොටුපළ කේන්ද්‍ර කරගනිමින්, දේශීය නායකයින්, ප්‍රදේශවාසීන් සහ සංචාරකයින්ගේ උණුසුම් ප්‍රතිචාර මැද මෙහි සමාරම්භක උත්සව පවත්වන ලදී. සාම්ප්‍රදායික ජල ආචාර (water cannon salutes) සහ දේශීය සංස්කෘතික උරුමයන් විදහා දක්වන සංස්කෘතික අංගයන්ගෙන් මෙම සමාරම්භක උත්සවය අලංකාරවත් විය. මෙය කලාප තුනක් යා කෙරෙන නව ගමන් මගක ඇරඹුම සනිටුහන් කරන අතර, ජාත්‍යන්තර සංචාරකයින් වියට්නාමය වෙත සාදරයෙන් පිළිගැනීම මෙහිදී සිදු කෙරුණි. මෙම සමාරම්භක ගුවන් ගමන් අවස්ථාව සඳහා සහභාගි වූ ගුවන් ගමන් මගීන්ට වියට්ජෙට් සමාගමෙන් සහ ගුවන්තොටුපළ වෙතින් විශේෂ සමරු තිළිණ ද පිරිනැමුණි.

 

හෘද රෝග අවදානම අඩු කරන දෙයක්  ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු Read Previous

හෘද රෝග අවදානම අඩු කරන දෙයක් ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු

හෘද රෝග අවදානම අඩු කරන දෙයක්  ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු Read Next

හෘද රෝග අවදානම අඩු කරන දෙයක් ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු

Realted Post

Leave a comment