ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය අදත් හෙටත්

ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ දෙවෙනි දිනය  ඊයේ (23 ) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.

ජනාධිපති කාර්යාල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය විදුලි පහන් ආලෝකය දල්වා නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ දෙවෙනි දිනය ආරම්භ කෙරුණු අතර ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

අද (24) දිනයේදී ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 25 වන දා තෙක් දිනපතා රාත්‍රී 7.00 සිට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වේ.

හැඩැති මුහුණකට මේවා අතහරින්න Read Previous

හැඩැති මුහුණකට මේවා අතහරින්න

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට Read Next

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට

Realted Post

Leave a comment