ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම්

“බුද්ධරශ්මි” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද  “වෙසක් බැති ගී සරණිය” ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පසුගිය දා  (30) සවස 6.30ට ආරම්භ විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ බැති ගී කණ්ඩායම්ද, කොළඹ පාසල් කිහිපයක බැති ගී කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම භක්ති ගීත වැඩසටහන පැවැත්වෙන අතර ජූනි 02 දක්වා සෑම දිනකම ප.ව 6.30 භක්ති ගීත ප්‍රසංගය පැවැත් වේ. 

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සල ඊයේ (30) රාත්‍රී 7.00ට ජනාධිපති කාර්යාලය අසලදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.

දිවයිනේ නන් දෙසින් පැමිණි දස දහසකට අධික ජනතාවක් ඊට එක්ව සිටි අතර බත් දන්සල ජූනි 02 දක්වා පැවැත්වේ. 

එමෙන්ම වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සලක්ද ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ කෙරිණි.

එසේම හුණුපිටිය ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපය සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෙසක් වැඩසටහන් රැසක් ඒ අවට සංවිධානය කර තිබූ අතර ලේකම් කාර්යාලය සහ අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එදා රෑ, 18 එනවා Read Previous

එදා රෑ, 18 එනවා

අඹ කරිය හරියටම මෙහෙමයි Read Next

අඹ කරිය හරියටම මෙහෙමයි

Realted Post

Leave a comment