තිස්සමහාරාම අවසන් රන්දෝලි පෙරහර සාර්ථකව අවසන්

ඓතිහාසික තිස්සමහාරාම රාජ මහා විහාරයේ රන්දෝලි පෙරහැර වීථිසංචාරය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පොසොන් පොහෝදින (10) රාත්‍රීයේ සිදුකෙරිණ. 

සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව, තිස්සමහාරාම විහාරයේ 125 වන පෙරහර වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණු අතර, උඩරට, පහත රට, සබරගමු නර්තනයන් ඇතුළු දේශීය නර්ථන සම්ප්‍රදායන් රැසකින් මෙවර පෙරහැර වර්ණවත් විය. 

 අවසන් රන්දෝලි පෙරහැරේ සමාරම්භක අවස්ථාව අමතමින් අදහස් දැක් වු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 

තිස්සමහාරාම විහාරාධිපති පුජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් වසර හැටකට වඩා වැඩි කාලයක් බුදුසසුන වෙනුවෙන් තම ජීවිතය කැප කළ ස්වාමීන් වහන්සේ නමක්, ඒ වගේම සුනාමි ව්‍යසනයේදී ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළ හිමිනමක්, අවංක පරමාර්ථයෙන් සමාජ සේවයේ නිරතවන පිරිස හරි අඩු කාලෙක ධම්මසේන හිමියන්ගේ මේ අවංක කැපවීම පැසසිය යුතුමයි.  1990 ගණන්වල ඉදලා මම තිස්සමහාරාම විහාරය සමඟ සබඳකම් පවත්වනවා. ඒ නිසා මේ විහාරස්ථානය ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා. 

අපේ රට තුළ දේශපාලන පරිවර්තනයක් පමණක් නෙමෙයි සමාජ පරිවර්ථනයකුත් ඇති කිරීම අවශ්‍යයයි. අධ්‍යාපනිකවත් ඒ පරිවර්තනය අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය කල් තියාම අවබෝධ කරගත් ස්වාමීන් වහන්සේ නමක් හැටියට ඔබවහන්සේ ඉදිරියටත් අපිත් සමග රටේ පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරයි කියන විශ්වාසය අපට තියෙනවා. 

පෙරහැරක් කියන්නේ සංස්කෘතික උළෙලක්, පෙරහැර පුරාවට දකින්න තියෙන්නේ සාමූහිකත්වය කියන හැඟීම, ඒ අර්ථයෙන් සාමූහිකත්වය රැක ගැනීමට මෙවැනි සංස්කෘතික අංග ඉතාම වැදගත්. 

මෙවැනි විශාල කර්යයක් කිරීමට කැපවීම වෙනුවෙන් දේවාලේගම ධම්මසේන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ගෞරවයත්, ස්තූතියත් පිරිනමන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී පැවසුවාය. 

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  නිහාල් ගලප්පත්ති, අතුල වේරගොඩ යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Crimson Elegance Rukshana Read Previous

Crimson Elegance Rukshana

Crimson Elegance Rukshana Read Next

Crimson Elegance Rukshana

Realted Post

Leave a comment