දේශමාන්‍ය ජෙනරල් ඩෙනිස් පෙරේරා අනුස්මරණය

‘විශ්‍රාමික ධජ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සංගමය (ARFRO)’ විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දේශමාන්‍ය ජෙනරාල්  ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනය මෙවරත් 11වන වරට  රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පසුගියදා  ( 2025 අගෝස්තු 11 වන දින ) පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා විශ්‍රාමික ධජ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස උත්සවයට සහභාගී විය.

 යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් දිවංගත ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතාගේ  ආදර්ශමත් සේවය, නායකත්වය සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන්  කළ අමිල සේවය පිළිබඳව දේශනයක් පවත්වන ලදී. 

දිවංගත ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතා තමන් යුද්ධ හමුදාධිපති ධුරය දැරූ කාලය තුළදී ආරක්ෂක විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් පරිත්‍යාග කල රත්මලාන ප්‍රදේශයේ පිහිටි කඳවල  වතුයායට ඉඩමේ ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨය (KDA) පිහිටුවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී 

ගුණ සැමරුම අතරතුර, ඒ මහතාගේ බිරිඳ වන රංජිනි පෙරේරා මහත්මිය සහ විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් ගඟන් බුලත්සිංහල (විශ්‍රාමික) මහතා විසින් පුෂ්පෝපහාර පිදීම සිදුකල අතර ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් / නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

රසට පදමට කරවල හොද්ද Read Next

රසට පදමට කරවල හොද්ද

Realted Post

Leave a comment