පොහොට්ටුවට අවුරුදු 9ක්

තමන් අදහනු ලබන ආගම ගුරු කොට ගනිමින් සිරිතට මුල්තැන දීම මහානුභාව සම්පන්න ආරක්ෂාවක් ලෙසින් ආගම, රට, ජාතිය සහ සංස්කෘතිය රැක ගැනීමට හේතු වේ. 2026 නව වර්ෂය ආරම්භයේ ශ්‍රී ලංකාවාසී සැමට ආශීර්වාද පැතීම අරමුණු කරගත් පිරිත් සජ්ඣායනයක් පසුගියදා (04) දින රාත්‍රියේ නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයෙහි දී පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නිර්මාණය කර වසර නමයක් සපිරීම නිමිති කර ගනිමින් පැවති මෙම ආගමික කටයුත්ත සඳහා මම ද සහභාගී වුණෙමි. 

එම සර්ව රාත්‍රික පිරිත් දේශනය සඳහා කරුණා සිතින් වැඩමවා වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයට මාගේ නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමමි. එම කටයුතු සංවිධානය කළ සහ එම අවස්ථාව සඳහා සම්බන්ධ වූ අප හිතමිත්‍රාදීන් ද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි Read Previous

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි

නාමල් හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්. Read Next

නාමල් හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්.

Realted Post

Leave a comment