බුද්ධ රශ්මි වෙසක් සැමරුම් දෙවන දවස

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය  එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී දෙවන දිනටත් ඊයේ (13) සවස 6.30ට  ආරම්භ විය.

වෙසක් බැති ගී සරණීයේ දෙවන දිනයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දය සමඟින් ජනප්‍රිය ගායන ශිල්පී ඉලියාස් බෙග් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා බැති ගී කණ්ඩායම විසින් ගීතවත් වූ අතර වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් ද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ. 

මෙම භක්ති ගීත වැඩසටහන ඉදිරි මැයි  14 සහ 15 යන දිනයන්හිද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන අතර වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් කෙටි ආහාර දන්සලක්ද ජනාධිපති කාර්යාලය අසලදී 16 වන දා දක්වා පැවැත්වේ.

මේ අතර  ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සලද ඊයේ ජනාධිපති කාර්යාලය අසලදී යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. දිවයිනේ නන් දෙසින් පැමිණි අතිවිශාල ජනතාවක් ඊට එක්ව සිටියහ.

එසේම ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපය සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව  ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෙසක් වැඩසටහන් රැසක් ඒ අවට සංවිධානය කර තිබෙන අතර  ලේකම් කාර්යාලය හා අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

එළවලු කැට සලාදය Read Next

එළවලු කැට සලාදය

Realted Post

Leave a comment