මැද දුම්බර රසාංජලී සාහිත්‍ය උළෙල සහ සංස්කෘතික මංගල්‍ය උත්සවාකාරයෙන්

මධ්‍යම පලාත් සභාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුව   ,සංස්කෘතික අමාත්‍යාංශයේ  මැද දුම්බර සංස්කෘතික    අංශය සහ මැද දුම්බර ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය  කල රසාංජලී  සාහිත්‍ය උත්සවය සහ සංස්කෘතික උත්සවය,මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය එළිමහන් රංග පීඨයේදී ,ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නය ,අනෙකුත් ආගමික පූජක තුමන්ලා සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන්  උත්කර්ෂවත්  අයුරින් පැවැත්විණි,

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ  ප්‍රධානත්වයෙන් පැවති මෙම මහා සංස්කෘතික මංගල්‍යයේදී ප්‍රදේශයේ දක්ෂ දරු දැරියන්ගේ විවිධ නර්ථන අංගයන්  කාගෙත් සිත් අමන්දානන්දයට පත් කළහ,මෙම අවස්ථාවට පාසැල් දරු දැරියන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී සාහිත්‍ය සහ විවිධ කලා නිර්මාණ අංග ඉදිරිපත් කල සිසුදරුවන්ට සහතික පත්ද පිරිනැමිණි.පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ,මැද දුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති රවිඳු උස්වැටකෙයියාව ,මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් නුවන් රත්නකුමාර යන මහත්වරු  ඇතුලු රැසක් මෙම සංස්කෘතික මංගල්‍යයට සහභාගිවූහ.

ජේ ඒ එල්  ජයසිංහ

ඔබ දෙදෙනා ලිංගිකව ගැළපෙනවාද? Read Previous

ඔබ දෙදෙනා ලිංගිකව ගැළපෙනවාද?

මධ්‍යම පලාතේ පාසැල් 38ක් වැසේ Read Next

මධ්‍යම පලාතේ පාසැල් 38ක් වැසේ

Realted Post

Leave a comment