මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ විසිර යාමේ පෙළපාලිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුකායක ගුවන් හමුදා මූලික කදවුරෙදී අභිමානවත් අයුරින් පැවැත්විනි. 

මධ්‍යම අප්‍රිකානු ජන රජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 11 වන කන්ඩායම සදහා ගෘප් කැප්ටන් ආසිරි පතිරගේ නිළධාරී තුමන්ගේ නායකත්වයෙන්යුත් ගුවන් නියමුවන්, ගුවන් යානා ඉංජිනේරුවන් ඇතුළුව නිළධාරීන් 22 දෙනෙකු සහ සෙසු නිලයන් 88 දෙනෙකු ඇතුලත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා තෝරාගැනීමේදී රටවල් රාශියක් අයදුම් කලද ඔවුන් අභිබවා මෙම අනගි අවස්ථාව හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා  ගුවන් හමුදාව සමත්විය. ගුවන් නියමුවන්ගේ පරිණත භාවය තාක්‍ෂණික දැනුම සහ පලපුරුදු භට පිරිස්වල විනය ගරුක බව, මානුශිය ගැටවල නිරතවීමේ ගුණාංග, ප‍්‍රශ්න විසදීමට ඇති හැකියාව, ක්ෂනිකව මතුවන ගැටළු නිරාකරණය කිරීමට ඇති හැකියාව සහ වෘත්තීය නිපුණත්වය ආදී කාරනා සාම සාදක කටයුතු උදෙසා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සුදුසුකම් ලැබීමට හේතු විය.
ශ්‍රි ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක රාජකාරීන් සදහා සම්බන්ද වීම තුලින් ඇමරිකානු ඩොලර් මිලියන 130 පමණ මුදලක් මහා බාන්ඩාගාරය වෙත ලබා දීමට කටයුතු කර ඇත.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාන්ඩලික ප්‍රධානී තුමන්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මන්ඩලයේ නිළධාරීන් ඇතුළු නිළධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද සහභාගී විය.

එදා රෑ, 18 එනවා Read Previous

එදා රෑ, 18 එනවා

එදා රෑ, 18 එනවා Read Next

එදා රෑ, 18 එනවා

Realted Post

Leave a comment