මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

රට ගිලගත් විෂ මත් ද්‍රව්‍ය උවදුරින්  පාසැල් දරුවන් මුදවා ගැනීම සඳහා ,එම දරුවන් දැණුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක්  ,මහනුවර ධර්මරාජ විදුහල් ශාලාවේදී අස්ගිරි පාර්ශවයේ අනූනායක ආචාර්ය නාරම්පනාවේ ආනන්දහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් විසින්  සංවිධානය කර තිබිණි.

එම අවස්ථාවට පාසැල් සිසු සිසුවි⁣යන් අධ්‍යාපන නිලධාරින්  ,විදුහල්පති වරු  ඇතුලු  නිලධාරින් පිරිසක් සහභාගි වූහ.මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේය්‍ය්ෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුම ආරච්චි,අධ්‍යාපන අධ්‍යක්ෂ වරියන් වන  සී.අන්දරගේ ,කේ ඩී ඩී ප්‍රියදර්ශණී ,ධර්මරාජ විදුහල්පති  නාමල් චන්දන කුමාර ,මහනුවර ජාතික රෝහලේ මනෝ වෛද්‍ය චිකිත්සක වෛද්‍ය චමින්ද සිරිවර්ධන  යන මහත්ම මහත්මීන් ඇතුලු රැසක්  සහභාගි  වූහ. 

ඡායාරූප වලින් දැක්වෙන්නේ අස්ගිරි අනූනාහිමියන්  දේශණාවක් කිරීම ,එම අවස්ථාවට සහභාගි වූ පාසැල් දරු දැරියන්  ,අධ්‍යාපන  නිලධාරින්...

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

එළවලු කැට සලාදය Read Next

එළවලු කැට සලාදය

Realted Post

Leave a comment