මිල්ටන්ගේ ආදරණීය විරහා ගී රාවය ’’එදා රෑ’’

සුවහසක් පෙම්වතුන්ගේ හදවත් එක්කල, බිඳුණු නෙත් සිත් කඳුලින් නහවා යොවුන් සිත් වසඟයට පත්කල උන්මාදනීය වූ විරහා ගීයේ උල්පත වූ මිල්ටන් මල්ලවආරච්චි සොඳුරු කලාකරුවාගේ ජීවන මංපෙත එකළු කළ ගී ලොව විචිත්‍ර චාරිකාව මූලික   කරගනිමින් නිර්මාණය වූ "එදා රෑ " චිත්‍රපටයේ ,පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා  පැවැත්විණ.

සංගීතමය සිනමා කෘතියක් වන මෙහි , මිල්‍ටන් එදා ගැයූ අතිශය ජනප්‍රියතම  ගීත විසි හයක් ඇතුළත්ව ඇති අතර ,රොෂාන් රවින්ද්‍ර ,නෙත්මි රොෂෙල් ,සෙනාලි ෆොන්සේකා,  ශේෂාද්‍රි ප්‍රියසාද් , රොෂාන් රණවන, නිහාරි පෙරේරා, සාරංග දිසාසේකර, ජනිත් වික්‍රමගේ ,විශ්ව කොඩිකාර, දිනෙත් ද සිල්වා, කළන ගුණසේකර, හිරාන් යට්ටෝවිට, ෆර්නි රෝෂණි,හිමාලි සයුරංගි, සප්නා පාදුක්ක, පියුමාලි එදිරිසිංහ, හේෂරාවී වරංගනා ඇතුළු රංගන ශිල්පීන් අති විශාල පිරිසක් "එදා රෑ" සඳහා රංගන දායකත්වය දක්වා ඇත.

යුගයේ පෙරළිකාර නිර්මාණවේදී  අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කර ඇති "එදා රෑ" තිර රචනය ,සුනෙත් මාලිංග ලොකු හේවා සමගින් ප්‍රියනාත් විදානපතිරණ එක්ව ගොඩ නගා ඇත. ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, රනිල් මල්ලවආරච්චි සහ නිරාශා මල්ලවආරච්චි සම නිෂ්පාදනයෙන් දායකව ඇති "එදා රෑ "චමක මංජුලගේ නිෂ්පාදනයකි.

කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණය සහ වර්ණ සංකලනයෙන් ශාන් අල්විස්, සහය අධ්‍යක්‍ෂණයෙන් තරිඳු ආරච්චිගේ, පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් සුරේෂ්  මාලියද්ද , ගීත ගායනයෙන්, රනිල් මල්ලවආරච්චි, පවන් මල්ලවආරච්චි, තාරක මල්ලවආරච්චි, උරේෂා  රවිහාරි හා සමිතා මුදුන්කොටුව එක්වී ඇත. ධම්මික සල්වතුර ලියූ කතාවක් අනුව නිර්මාණය වූ "එදා රෑ" වන් ලයින් ප්‍රඩක්ෂන් සහ එන්ටර්ටේන්මන්ට් සාඩම්බර  ඉදිරිපත් කිරීමකි.

නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස් Read Previous

නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස්

’’එදා රෑ’’ සැප්තැම්බර් 18 එනවා.. Read Next

’’එදා රෑ’’ සැප්තැම්බර් 18 එනවා..

Realted Post

Leave a comment