මීටරෙන් ඉන්න ඕන කාලෙක එළි බසින ’’මීටරේ’’

ජීවිතය පරදුවට තබන බිහිසුනු වික්‍රමාන්විත මෙහෙයුමක අභිරහස් සිදුවීම් දාමයකගේ එකතුවකින් සමන්විත "මීටරේ" කළඑළි බැසීමට සියලු කටයුතු සූදානම්.

මීටරේ චිත්‍රපටයේ මුහුරත් උළෙල අද (08) දින තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 

එම චිත්‍රපටයේ කළඑළි බැසීම හේතු කර ගනිමින් තැපැල් මූලස්ථානය හා එකට එක්වී සමරු මුද්දරයක්ද  හඳුන්වාදීම ද මෙහිදී සිදු වුණා.  

ප්‍රදීප් මහේෂ් ලියනගේ සිනමා අධ්‍යක්ෂණයෙන් මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය වනවා. 

සීතා කුමරිය ලංකාවේ දී අසනීප වූ විට රාවණා රජතුමා විසින් හෙළ වෙදකමෙන් සාදන ලද අති රහස් බෙහෙත් වට්ටෝරුව අඩංගු බෙහෙත් මංජුසාව ලබාගෙන එය රැගෙන යෑමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන බිහිසුණු සිද්ධිදාමයක් මීටරේ චිත්‍රපටය තුළින් දැක ගැනීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව උදාවනවා. 

සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත, කැමරා අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් බුලත්සිංහල, කලා අධ්‍යක්ෂණයෙන් සුනෙත් නන්දලාල්, සංගීතඅසණයෙන් හේෂාන් ගමගේ සහ සංගීත් ප්‍රනාන්දු, සංස්කරණයෙන් ගිහාන් හසන්ත ගල්පාය, වේෂ නිරූපණයෙන් මොහාන් රාමණායක, රේඛීය නිෂ්පාදනයෙන් මංජුල යටවතුර සහ චන්දන ඇඹුල්දෙණිය, නිෂ්පාදන කළමණාකරණයෙන් අසෝක ආරියරත්න යන අය නිර්මාණ දායකත්වය දක්වයි. විලාසිතා  නිර්මාණය ක්‍රිෂාන් සිල්වාගෙන් සිදුවීමට නියමිතයි. 


මෙම අවස්ථාව සඳහා රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් එක් වී සිටි අතර මාධ්‍යවේදීන් තැපැල් මූලස්ථානයේ මහත්ම මහත්මීන්, ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියා. 

සටහන - කසුනි විජේසිංහ

සියතින් එයත් ලස්සනයි Read Previous

සියතින් එයත් ලස්සනයි

එදා රෑ, 18 එනවා Read Next

එදා රෑ, 18 එනවා

Realted Post

Leave a comment