යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරයට සර් ව ආගමික වැඩසටහන්

2025 ඔක්තෝබර් 10 වන දිනට යෙදෙන යුද්ධ හමුදා 76වන සංවත්සරයට සමගාමීව පවත්වන සර්ව ආගමික ආශිර්වාද ලබාගැනීමේ වැඩසටහන් මාලාවේ තවත් ආගමික වැඩසටහන් දෙකක් පැවැත්විනි.

මෙහිදී විශේෂ ක්‍රිස්තියානි ආශිර්වාද දේව මෙහෙයක් සහ ඉස්ලාම් ආගමික ආශිර්වාද වැඩසටහනක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මේ සඳහා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී විය.

යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ක්‍රිස්තියානි ආශිර්වාද දේව මෙහෙය 2025 ඔක්තෝබර් මස 01 වන දින කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයේදී, කොළඹ අගරදගුරු පදවියේ රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ අනෙකුත් ක්‍රිස්තියානි සභාවන්හි පූජකවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

මේ අතර,  76 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ‘කිරාත්’ යාඥා සැසිය ප්‍රධාන පූජක රිස්වාන් මව්ලවි ප්‍රමුඛ තවත් මව්ලවිතුමන්ලා කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝබර් මස 02 කොල්ලුපිටිය, ජුම්මා මුස්ලිම් පල්ලියේදී පවත්වන ලදි.

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි Read Previous

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි

සිත පහන් කරවන සල්ගල ආරණ්‍ය සේනාසනය Read Next

සිත පහන් කරවන සල්ගල ආරණ්‍ය සේනාසනය

Realted Post

Leave a comment