රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ යටතේ සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය අද උදෑසන (17) ප්‍රවීණ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රය හි දී විවෘත කෙරිණි.

මෙම " රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ -  2025 " ඡායාරූප ප්‍රදර්ශනය, ඡායාරූපය සමාජය, මතකය හා හැඳුනුම්කරණය අතර සම්බන්ධතාවක් ගොඩනඟන මාධ්‍යයක් ලෙස නැවත ස්ථාපිත කළ අවස්ථාවකි. ප්‍රවීණයන්ගේ මඟ පෙන්වීමත්, නව පරපුරේ නිර්මාණශීලීත්වයත් එකට එකතු වූ මෙම කලා උත්සවය, ශ්‍රී ලංකාවේ දෘශ්‍ය කලා ඉතිහාසයේ 2025 වසර සටහන් කළ වැදගත් සංස්කෘතික සිදුවීමක් ලෙස සැලකිය හැකි ය. 

මෙම අවස්ථාව සඳහා ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් ‍රැසක් සහ සංස්කෘතික කටයුතු  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක දිල්හානි මහත්මිය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා, ශ්‍රී ලංකා ජාතික කලා මණ්ඩලයේ ගරු සභාපති කීර්ති වැලිසරගේ මහතා, දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ ගරු සභාපති ප්‍රගීත් රත්නායක මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මේ සඳහා සම්බන්ධ විය.

Crimson Elegance Rukshana Read Previous

Crimson Elegance Rukshana

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි Read Next

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි

Realted Post

Leave a comment