රූ කිරුළ 2025

සිරිකත පුවත්පත නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වන, රූපවාහිනී 2025 අවුරුදු කුමරිය තේරීමේ මූලික තරගය පෙබරවාරි මස 09 වන දින රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි. 15000 කට අධික අයදුම්පත් අතරින් තෝරාගත් තරුණියන් 1500ක් පමණ මූලික තරග සඳහා කැඳවිණි. එහිදී ප්‍රවීණ විනිසුරුමඬුල්ලකගේ පූර්ණ අධීක්ෂණය යටතේ අවසන් මහා තරගය සඳහා රූමතියන් 12 දෙනකු තෝරාගනු ලැබීය. 
ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධන, නිරූපණ උපදේශක රුක්මාල් සේනානායක, රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී, වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය, නිරූපණ ශිල්පීනී චුලක්ෂි රණතුංග, Natures Beauty Creations හි අලෙවි කළමනාකාර රුවන් වික්‍රමාරච්චි, රූපලාවන්‍ය ශිල්පිනී චතූ ජයවීර, යන මහත්ම මහත්මීන් විනිසුරු මඬුල්ල සඳහා සහභාගී විය.
සිරිලක පිරි අවුරුදු සිරි 2025 රූපවාහිනී අවුරුදු උදානය අප්‍රේල් මස 15 දින මාවතගම මහජන ක්‍රීඩාංගණයේදී දවස පුරා පැවැත්වේ. එදිනම රූ කිරුළ අවසන් මහා තරගය පස්වරු 6.00 සිට මාවතගම මහජන ක්‍රීඩාංගණයේ සිට සජීව ලෙස ජාතික රූපවාහියෙන් විකාශය වේ.  

  • ඡායාරුප - රුසිරු කොළඹතන්ත්‍රිගේ

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Previous

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

තක්කාලි වලින් රූ සත්කාර Read Next

තක්කාලි වලින් රූ සත්කාර

Realted Post

Leave a comment