ලකයි -සිකයි ’’ සුර දෙටුවෝ ’’තුළින් සිනමාවට පිවිසෙයි !

කලක පටන් මෙරට සමාජ මාධ්‍ය ජාලාවන් තුල ජනප්‍රිය චරිත යුගලයක් ලෙස  ප්‍රකට ලකයි - සිකයි ( ලක්මාල් වීරසිරි / ශාන් අරෝෂ ) පිළිබඳව නොදන්න කෙනෙක් නොමැති තරම් ය . දකුණු ලකේ ඉපිද  බස්නාහිරට සම්ප්‍රාප්තව  සමාජ මාධ්‍ය ජාලාවන් පමණක් නොව රූපවානිය , ගුවන් විදුලිය  හා පුංචි තිරයත් දෙවනත් කල මේ ඩබල , සිනමාවත් දෙවනත් කිරීමට සැරසෙන පුවතක් පසුගියදා ආරංචි විය. ඒ ලකා නොහොත් ලක්මාල් වීරසිරි 
"සුර දෙටුවෝ " නමින් සිනමා  සිත්තමක් අධ්‍යක්ෂණය කිරීමට සැරසෙන පුවතයි .


 මෙය,  මෙතෙක් සිනමාවට නොනැගි, නොදුටු , ප්‍රේක්ෂක හදවත් වසඟයට පත් කර ගන්නා ආකාරයේ අති රමණීය ෆැන්ටසි කතාන්දරයක් තුළ  අතිශය සුන්දර නිර්ව්‍යාජ හා මෘදු සෞම්‍ය  මානුෂිකත්වය පිළිබඳව පැහැදිලි විවරණයක් ගෙන එන , සිනමා නිර්මාණයක් බවයි ඔහු පවසන්නේ .


 ඔහුගේ මෙම ෆැන්ටසිය තුළ ජීවත්වන පාත්‍ර වර්ගයා වනුයේ, ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ , නෙතිනි වීරසිරි( ළමා), ශාලිකා නදීශානි , සුහන්දි වෝෂදී, දර්ශන් තවරාජා  , සුදීක්ෂා සමාධි , සනත් ගුණතිලක , දිල්හානි අශෝකමාලා , අජිත් වීරසිංහ , ගීත්මා බණ්ඩාර සහ වර්නි පෙරේරා ඇතුළු පිරිසයි.

"සුර දෙටුවෝ" ප්‍රේක්ෂක මනසට ගෝචර වන ලෙස නිර්මාණ සැලසුම්කරණය කළ සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ලක්මාල් වීරසිරි සහ ප්‍රියනාත් විදානපතිරණ එක්ව  මෙහි  තිර පිටපත සවිමත් කර ඇත. මාධව කමලසිරි කැමරාකරණයෙන් එක්වන අතරම, පැතුම් සඳරුවන් හා එක්ව සංස්කරණ කටයුතු ද සිදු කරනු ලබයි. ශාන් අල්විස් වර්ණ සංකලනයෙන් සහ පසු නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් දායකව ඇති අතර, සඳුන් ප්‍රනාන්දු  සටන් අධ්‍යක්ෂණයෙන් ද, කසුන් චන්ද්‍රනාත් පතිරණ විශේෂ ප්‍රයෝග අධීක්ෂණයෙන් ද, කසුන් කල්හාර පසුබිම් සංගීතයෙන් සහ ගී තනු නිර්මාණයෙන් ද, සශින් ගිම්හාන පෙරේරා නාද සංකලනයෙන් ද, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් පවිත්‍රා අබේසිංහ, අංග රචනයෙන් රංගන තිලකවර්ධන, පසුබිම් අලංකරණයෙන් අකුරම්බොඩ පියතිස්ස, නිෂ්පාදන කළමනාකරණයෙන් පාලිත තෙන්නකෝන්, නිසල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවආරච්චි, ආලෝකකරණයෙන් ධනුෂ්ක රසදත්,  සහය අධ්‍යක්ෂණයෙන් තරිඳු ආරච්චිගේ හා ගීත  රූප රචනයෙන් චාරුක දුෂ්මන්ත ඇතුළු පිරිසක් සම්බන්ධවන ලකාගේ " සුර දෙටුවෝ " සුදේශ් මුතුනවගොන්නගේ බරපැන දායකත්වයෙන් නිමවෙනු ඇත .

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 7ක තියුණු ජයක්... Read Previous

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 7ක තියුණු ජයක්...

ආසියාවේ පළමු චන්ද්‍ර අභ්‍යවකාශ නගර මොඩල පාලන අතුරුමුහුණත එළිදැක්වේ Read Next

ආසියාවේ පළමු චන්ද්‍ර අභ්‍යවකාශ නගර මොඩල පාලන අතුරුමුහුණත එළිදැක්වේ

Realted Post

Leave a comment