වාර්ෂිකව සංවිධානය කරනු ලබන - පස්වැනි ’’අග්නි 2025’’ ඇසළ කලා මංගල්‍යය මෙවරත්

මාතලේ, මහේෂ් රංග කලායතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 5 වන ඇසළ කලා මංගල්‍යය "අග්නි 2025" නර්තන ප්‍රසංගය හා බැති ගී සරණිය පසුගියදා මාතලේ, එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. 
මෙම කලා මංගල්‍යයයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු වැඩබලන අමාත්‍ය  ගමගෙදර දිසානායක මහතා සහභාගී විය. 
මෙම අවස්ථාවට මාතලේ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම නාහිමි, මාතලේ මහනගර සභාවේ නගරාධිපති අශෝක අජිත් කොට්ටච්චි නාගරික මන්ත්‍රී  නිශාන්ත රම්පිටිය , මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහේෂ් රංග කලායතනාධිපති මහේෂ් ප්‍රසන්න මහතා  ඇතුළු දූවා දරුවන්, සම්භාවනීයන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Next

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

Realted Post

Leave a comment