සාහිත්‍යය, කලාව හා ජීවිතය

රාජ්‍ය සේවකයන් ඇතුළු ප්‍රජාවගේ මානසික සුවය සහ රසවින්දනය උදෙසා, අලව්ව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ "සාහිත්‍යය, කලාව හා ජීවිතය" රසවින්දනාත්මක වැඩසටහන අද දින (ඔක්තෝබර් 15) අලව්ව 'ආලෝකා' හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන දේශනය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් පවත්වන ලදි. සාහිත්‍යය සහ කලාව අපගේ ජීවිතය සමග බැඳී පවතින ආකාරය පිළිබඳව ඉතාමත් ආකර්ෂණීය මෙන්ම හරවත් අදහස් රැසක් එතුමා විසින් මෙහිදී බෙදාගන්නා ලදි.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන සහෝදරයා,අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් පරණගමගේ සහෝදරයා,අලව්ව ප්‍රාදේශීය  ලේකම්තුමිය, අලව්ව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා, සහ  රාජ්‍ය නිලධාරීන් ඇතුළු  පිරිසක් ද සහභාගී වූහ.

රාජ්‍ය නිලධාරීන්ගේ කාලීන අවශ්‍යතාවන් හඳුනාගනිමින් මෙවැනි අගනා වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අලව්ව ප්‍රාදේශීය සභාවට අපගේ ප්‍රණාමය!

සල්ලි එක්ක හොයපු ජීවිතය නිසා මුළු ජීවිතේම නැති වුණා Read Previous

සල්ලි එක්ක හොයපු ජීවිතය නිසා මුළු ජීවිතේම නැති වුණා

දෑතේ විස්කම් 2026 Read Next

දෑතේ විස්කම් 2026

Realted Post

Leave a comment