සැවොම අමන්දානන්දයට පත් කරමින් ලෝක විවාහක යුව රැජින ඉෂාදි අමන්දා දිවයිනට

ලොවම අමන්දානයට පත් කළ අමන්දා දිවයිනට 

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි දෙවන ස්ථානය දිනා ගත් ඉෂාදි අමන්දා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.

ඇය පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළේ “සිල්ක් රූට් ” පර්යන්තයේ විශේෂ උත්සවයක් පැවති අතර එය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණා.

එමෙන්ම අද පෙරවරුවේ දී කොළඹ අමාරි හෝටල් පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවට ද එක්වෙමින් ඉෂාදි අමන්දා කියා සිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවැනි තරඟයකට මුහුණ දීම සහ මෙවැනි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටට පත්වෙන බවයි. 

මෙවැනි ජයහ්‍රහණයක් අත්පත් කර ගැනීමට නන් අයුරින් සහාය දුන් පිරිසට ස්තූති වන්ත වෙමින් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ වැඩි දුරටත් කියා සිටියේ, මෙවැනි  තරගයට ඉදිරිපත් වීමේදී නෛතික ලිපුගොනු සකස් කර ගැනීමේ ක්‍රියාවලියෙහි ඇතිවන යම් යම් අර්බුදතා නැවත නැවතත් සිදු නොවීමට අදාළ අදාල බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.

 මෙම අවස්ථාවට ප්‍රවීණ  රුපලාවන්‍ය ශිල්පී, ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක, මාධ්‍යවේදීන්  ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

  • සටහන - කසුනි විජේසිංහ
  •  Pic By -  Rushiru Colambathanthrige

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Next

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

Realted Post

Leave a comment