’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් සංවිධානය කල ආපදා තත්ත්වය සහ ළඟ එන උත්සව සමය වෙනුවෙන් ගර්භණී මව්වරුන්ට වව්චර් බෙදාදීමේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කරන ලදි.

2025 නොවැම්බර් මස 30 වන දිනට පෙර මාතෘ සායනයන් හි ලියාපදිංචි වූ මව්වරුන් සහ මාස හතරකට නොවැඩි දරුවන් සිටින කිරිදෙන මව්වරුන් සඳහා එක් වරක් පමණක් ලබා දෙන රුපියල් 5000/= ක් වටිනා දීමනාව කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින මව්වරුන් දෙසිය පනහක් සඳහා මෙහිදී   ලබාදෙන ලදී.

 දෙසැම්බර් මාසය තුළ ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 5000/= ක් වටිනා පෝෂණ දීමනාවක් ලබා දීමේ අවස්ථාව ආමන්ත්‍රණය කරමින් එතුමා මේ බව ප්‍රකාශ කරන ලදී.
ආපදා තත්ත්වය සහ ළඟ එන උත්සව සමය පාදක කොටගෙන ලබාදෙන මෙම දීමනාව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.

ඊයේ දිනයේදී කුරුණෑගල   දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යයාලයේදී කාර්යාලයේ දී පැවැත්වුණු මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ ගර්භනි මව්වරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

විලාසිතාවලට ආස ඔයාට Read Previous

විලාසිතාවලට ආස ඔයාට

අභිරහස් මළ සිරුර තෙල්දෙණිය නගරයේ මෝටර් රියක.. Read Next

අභිරහස් මළ සිරුර තෙල්දෙණිය නගරයේ මෝටර් රියක..

Realted Post

Leave a comment