’’ ඒක තමයි මේක’’ සිංහල චිත්‍රපට කර්මාන්තයට අලුත් එළියක්

"ඒක තමයි මේක" චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊයෙ (16) දින BMICH හි Lotus Hall හි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණා. 

යූ ටියුබර්ස්ලා ගණනාවක් රංගනයෙන් දායක වෙමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට නියමිතයි.

ඒ අනුව රංග ජයකොඩි, චමල් රත්නායක (ජනයි ප්‍රියයි) , රතිදු සේනාරත්න (රැට්ටා), ලෝචනා ජයකොඩි (ලෝචි), ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ (ලකයි සිකයි), ජනිත් රූපසේන (සිරිල් අයියා) රංගනයෙන් දායක වනවා. 

මෙම අවස්ථාවට රංජන් රාමනායක, සෝමරත්න දිසානායක, නළු නිළියන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව හිටියා.

සටහන - කසුනි විජේසිංහ

විදුලි බිඳ වැටීම: පරීක්‍ෂණය අරඹයි Read Previous

විදුලි බිඳ වැටීම: පරීක්‍ෂණය අරඹයි

තාල පැටලුණු ජීවිත Read Next

තාල පැටලුණු ජීවිත

Realted Post

Leave a comment