2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය

 

පසුගිය වසර 43 පුරා සමාජයීය වශයෙන් වඩාත්ම වගකිව යුතු සහ සදාචාරාත්මක රූපවාහිනී නාලිකාව ලෙස ප්‍රේක්‍ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් ජාතික නාලිකාව ස්වකීය වැඩසටහන්හි ප්‍රමිතිය. ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන්ද ජනතා ගෞරවාදරය දිනාගනිමින් 2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී ජාතික රූපවාහිනිය ජාතික සන්නාමය මෙවරත් තහවුරු කර ගැනීමට සමත් විය. පසුගිය 21 වන රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී 2024 වසරේ සම්මානනීය නාලිකාව සමගින් සම්මාන 12ක් හිමි කර ගැනීමට ජාතික රූපවාහීනිය සමත් විය.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

" ක්‍රිකට් ගමට"

ජයමිණි ඉලේපෙරුම

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන

"සංයුග"

සුමින්ද තිලකසේන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන

" වාරේ"

අසේල බණ්ඩාරනායක

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)

නේත්‍රා නාලිකව

ප්‍රනීතා කෝනේෂ්වරන්

 

ජූරියේ කුසලතා සහතිකය

ජාතික රූපවාහිනියෙන් විකාශය වූ "අපි" ටෙලි නාට්‍ය

හසිත වැන්දබෝනා

 

 

2024 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ඇතුළු සම්මාන 07කින් පිදුම් ලැබීමට ජාතික රූපවාහිනියෙන් විකාශය වූ

" වියළි " ටෙලි නාට්‍ය සමත්විය.

  • විශිෂ්ටතම ටෙලි නාට්‍ය - වියළි
  • විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - වන්දන ඉරුගල් බණ්ඩාර
  • විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය - තරින්දි ප්‍රනාන්දු
  • විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නළුවා - සරත් කොතලාවල
  • හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය - චන්දිමා කරුණාදාස
  • විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායනය - තුසිත සිම්සන් (තේමා ගීත ගායනය)
  • ජූරියේ විශේෂ කුසලතා ඇගයීම් සම්මානය - සිලිදු රංවල

Crimson Elegance Rukshana Read Previous

Crimson Elegance Rukshana

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක් Read Next

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක්

Realted Post

Leave a comment