2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානය

2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී ඊයේ (23) පස්වරුවේ සිදු කෙරිණි.  

ඒ අනුව 2024 වර්ෂයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශය වූ, අයදුම් කළ ටෙලිනාට්‍ය සහ වැඩසටහන් විනිශ්චයට භාජනය වී තිබිණි. ඉන් ජූරිය විසින් තෝරාගත් නිර්මාණ වලට අදාළව ඇගයීම් සහතික, කුසලතා සහතික සහ සම්මාන 46 ක් ප්‍රදානය කිරීම සිදුවිය.

ටෙලි නාට්‍ය අදියර ඔස්සේ හොඳම අංග රචනය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම නළුවා, හොඳම තිර රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය, හොඳම නළුවා, හොඳම නිළිය ඇතුළු සම්මාන පිරිනැමුණු අතර 2024 වසරේ විකාශය වූ රූපවාහිනී වැඩසටහන් අතරින් හොඳම ගවේශනාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය, හොඳම සජීවීකරණ නිෂ්පාදනය, හොඳම සංගීත වැඩසටහන, හොඳම වාර්තා වැඩසටහන, හොඳම බහු කැමරා නිෂ්පාදන වැඩසටහන, හොඳම ප්‍රවෘත්ති නිවේදක, හොඳම ප්‍රවෘත්ති නිවේදිකා සහ හොඳම සම්⁣ප්‍රවේශක ඇතුළු සම්මාන රැසක් පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස් දිල්හානි, අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, රාජ්‍ය රුපවාහිනී අනුමණ්ඩලයේ සභාපති සුනිල් කොස්තා යන මහත්ම මහත්මීහු ද අනුමණ්ඩල සාමාජික සාමාජිකාවන්, කලා කරුවන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment