58වන ආසියානු කායවර්ධන හා ෆිසීක් ක්‍රීඩා ශූරතාවලියට යන අපේ කණ්ඩායම

58 වන ආසියානු කායවර්ධන හා ෆිසීක් ක්‍රීඩා ශූරතාවලිය 2026 සැප්තැම්බර් මස 22 සිට 28 දක්වා තායිලන්තයේ බැංකොක් නුවර Alexander Hotel පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. 

මෙම කීර්තිමත් ආසියානු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කායවර්ධන හා ෆිසීක් ක්‍රීඩා සම්මේලනය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුගෙන් සමන්විත ජාතික කණ්ඩායමක් සහභාගී වේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට A.M.M.A. අබේකෝන්, P.B.I.N. පෙරේරා, E.M.D. මැණිකේ, W.P.M.E. අමරසිංහ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් වේ.
 
ආසියානු මට්ටමේ මෙම වැදගත් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියාවේ විවිධ රටවල ප්‍රමුඛ පෙළේ කායවර්ධන හා ෆිසීක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරග කිරීමට මෙම ජාතික කණ්ඩායම සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම 2026 සැප්තැම්බර් 21 වන දින රාත්‍රියේ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට Read Previous

ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට

ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට Read Next

ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට

Realted Post

Leave a comment