Diamond Excellence Awards 2025

සැම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන් අගයමින් Diamond Excellence Awards 2025  පසුගිය අගෝස්තු 18 වැනිදා ගෝල්ෆේස් හෝටල් පර්ශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 

මෙහිදී ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, ජනමාධ්‍යවේදීන්, රූපලාවන්‍ය ශිල්පීන්, කලාකරුවන් සහ ගුරුවරුන් වැනි ක්ෂේත්‍ර ගණනාවකට අයත් බොහෝ පිරිසකට සම්මානය ලබාදීම සිදුවුණා.  

Diamond Excellence Awards 2025 සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රිය කාන්තා පුවත්පත් කතෘට හිමි සම්මානය විජය පුවත්පත් සමාගමේ සිරිකත පුවත්පතේ, සිරිකත වෙබ් අඩවියේ සහ සිරිකත සමාජ මධ්‍ය ජාලයේ කතෘ අශන්ති වරුණසූරියට පිරිනැමුණා. 

විජය නෙට්වර්ක්ස් හි සාමාජ මාධ්‍ය අංශය විසින් වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලය දිනාගනු ලැබුවා. 

Sirikatha.lk සහ සිරිකත Online විශිෂ්ඨතම කාන්තා පුවත් පතකට හිමි ඩිජිටල් අවකාශය සහ හොඳම සමාජ මාධ්‍ය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා. 

පැමිණ සිටි පිරිස අමතමින් Diamond Excellence Awards හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂක නුවන් ලසන්ත මෙහිදී ප්‍රකාශකර සිටියේ, ආයතනයක් ලෙසින් ආ ගමන් මග පිළිබඳව තමන් හඳවතින්ම සතුටට පත්වන අතර මෙවැනි කර්තව්‍යයක් ඉතාමන් උත්කර්ෂවත් අන්දමින් සාර්ථක කර ගැනීමට සැමදෙනාගෙන්ම ලැබුණු සහයෝගයට තමන් හදවතින්ම ස්තූතිවන්ත වන බවයි. එමෙන්ම සමාජයට වෙනසක් කරන්නට උත්සාහ ගත් පිරිසකට තමගේ ක්ෂේත්‍රයන් තුළ කැපවීමෙන් ශක්තියෙන් නැගී සිටි චරිතයක් සොයා ආයතන සොයා ඇගයීමට ලක් කිරීමට හැකිවීම පිළිබඳව තමන් හදවතින්ම සතුටු වන බවයි.

සටහන - කසුනි නිමල්කා විජේසිංහ 

හෘද රෝග අවදානම අඩු කරන දෙයක්  ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු Read Previous

හෘද රෝග අවදානම අඩු කරන දෙයක් ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු

බෝවතැන්න ජලාශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක ගමනාන්තයක් Read Next

බෝවතැන්න ජලාශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක ගමනාන්තයක්

Realted Post

Leave a comment