Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

වසරේ දැවැන්තම කාන්තා අභිෂේක මංගල්‍යය women's Legends Awards 2025 සම්මාන රාත්‍රිය පසුගියදා (27) තලවතුගොඩදී පැවැත්වුණා. 

ජනමාධ්‍ය, දේශපාලනය, කලාව , ව්‍යවසායකත්වය ඇතුළු මෙරට ක්ෂේත්‍ර ගණනාවකට නොමසුරු දායකත්වයක් ලබා දුන් කාන්තාවන් මෙහිදී ඇගයීමට පාත්‍ර වුණා.

මෙම සම්මාන රාත්‍රිය තුළදී මේ රට ජනප්‍රිය මෙන්ම විශිෂ්ට කාන්තාවන් රැසක් සම්මාන ලබා ගත්තා. 

"සන්" (ඩේලි මිරර්) පුවත්පතෙහි කර්තෘ, විජය පුවත්පත් සමාගමේ සමාජ මාධ්‍ය අංශ ප්‍රධානී රිෂිනි වීරරත්න Women's Legends Awards 2025 හිදී "Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka" සම්මානයෙන් පිදුම් ලැබුවා. එම සම්මානය ඇය වෙනුවෙන් ලබා ගත්තේ සමාජ මාධ්‍ය අංශයේ නියෝජ්‍ය ප්‍රධානී තස්මිනා සූකූර් විසින්. 

අප සමගව නිබඳව රැඳී හිද ශක්තියක් වූ ඔබ සැමට අපගේ ගෞරවය ප්‍රණාමය. 

සටහන - කසුනි විජේසිංහ 

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි Read Previous

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි

එයා නම් කහ කිරිල්ලියක් වගේ Read Next

එයා නම් කහ කිරිල්ලියක් වගේ

Realted Post

Leave a comment