Pass, Fail දෙකම තියෙන සූර්යයා 12 වනදා සිට දිවයින පුරා

පවුලේ සියලු දෙනාට එකට සිට නැරඹිය හැකි, ආදරය, සතුට, දුක, වෛරය, යනාදී සියලුම හැඟීම් සමුදායන් එකට එක් වූ, අනාගත සිහින සහ අභිප්‍රායන් පුරෝගත් ජීවිත ගොන්නකගේ කතා රැසකින් සැදුම්ලත් සූර්යයා චිත්‍රපටයේ මංගල ප්‍රදර්ශනය අද (11) හැව්ලොක්  city mall හිදී පැවැත්වුණා. ඒ සඳහා ජනප්‍රිය කලාකරුවන් මෙන්ම සිනමාවට ආදරය කරන සිනමාලෝලීන් රැසක්ද සහභාගී වූවා. 

"අද කාලේ තරුණයින් සමාජයට එන්නේ සල්ලි හොයන රේස් එකට ලෑස්ති වෙලා."

ජීවිතය පියවරෙන් පියවර ඉහළට ඔසවා තැබීමට සිහින දකින තරුණ ජීවිත වෙතට එල්ලවන අභියෝග, මිතුරන් විලාසයෙන් පැමිණෙන හතුරන්, කාලයාගේ ඇවෑමෙන් ඒ සියල්ලටම අභියෝග කරමින් එකම අරමුණක් වෙනුවෙන් දිවෙන තාරුණ්‍යයේ සිහින සහ බලාපොරොත්තු එකින් එක ඉටුවෙන අයුරු පෙන්වන අපූරු සිනමා සිත්තමක් ලෙස සූර්යයා සිනමා නිර්මාණය හඳුන්වන්න පුළුවන්.

සූර්යයා චිත්‍රපටය, මහේෂ් මුණසිංහගේ අධ්‍යක්ෂණයෙන් සහ දිනේෂ් මුතුගල නිෂ්පාදනයෙන් ප්‍රේක්ෂකයා අතරට පැමිණ තිබෙන අතර ජනත් වික්‍රමගේ සහ නිහාරි පෙරේරා මෙහි ප්‍රධාන ච‍රිත සඳහා පණපොවා තිබෙනවා. 


සටහන: විශ්වනී හසලා

 

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා Read Previous

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment