The Voice Sri Lanka යළිත්..

සිරස TV තුළින් මේ මස 14 වෙනිදා සිට සති අග රාත්‍රී 8.30ට Voice Sri Lanka හි තුන්වැනි අදියරෙහි ආස්වාදය ලාංකීය ප්‍රේක්ෂකයින්ට රසවිඳීමට හැකිවනු ඇත.

The Voice”.. ප්‍රසිද්ධ නෙදර්ලන්ත ජාතික වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන ජෝන් ද මෝල්ගේ සංකල්පයකි. ජාත්‍යන්තරය තුළ පෙරළිකාර ගායන තරු රැසක් බිහිකළ “The Voice” සන්නාමය ආශ්‍රයෙන් සිරස TV, The Voice Sri Lanka, The Voice Kids Sri Lanka සහ The Voice Teens Sri Lanka හඳුන්වා දී ඇත.

නව පරපුරේ මෙන්ම පැරණි පරපුරේ ගීත රැසක් මේ අදියර සඳහා ඉදිරිපත් වන තරගකරුවන් විසින් ගායනා කරනු ඇත. ප්‍රවීණ ගායන ශිල්පි ශිල්පිනියන් වන රයිනි චාරුකා, සුපුන් පෙරේරා, මිහිඳු ආරියරත්න සහ හිරුෂි ජයසේන මෙහි පුහුණුකරුවන් ලෙස කටයුතු කරයි. වැඩසටහන මෙහෙය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී සුමිරාන් ගුණසේකර විසිනි. මාස හයක් පුරාවට වැඩසටහන් 52ක් The Voice Sri Lanka තුන්වැනි අදියරේදී දිගහැරෙනු ඇත.

  • නයනා උදයංගනී

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය Read Previous

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය Read Next

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය

Realted Post

Leave a comment