women’s Legends Awards 2025 සම්මාන රාත්‍රිය

වසරේ දැවැන්තම කාන්තා අභිෂේක මංගල්‍යය women's Legends Awards 2025 සම්මාන රාත්‍රිය පසුගියදා (27) තලවතුගොඩදී පැවැත්වුණා. 

ජනමාධ්‍ය, දේශපාලනය, කලාව , ව්‍යවසායකත්වය ඇතුළු මෙරට ක්ෂේත්‍ර ගණනාවකට නොමසුරු දායකත්වයක් ලබා දුන් කාන්තාවන් මෙහිදී ඇගයීමට පාත්‍ර වුණා.

මෙම සම්මාන රාත්‍රිය තුළදී මේ රට ජනප්‍රිය මෙන්ම විශිෂ්ට කාන්තාවන් රැසක් සම්මාන ලබා ගත්තා. 

women's Legends Awards 2025 සම්මාන රාත්‍රියේදී   සිරිකත පුවත්පත වසරේ   හොඳම කාන්තා පුවත්පත් සන්නාමයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

එහිදී සිරිකත පුවත්පත, ලංකාදීප Online සහ සිරිකත Online සමාජ මාධ්‍ය ජාලයේ, සිරිකත වෙබ් අඩවියේ කර්තෘ අශන්ති වරුණසූරිය Women's Legends Awards 2025 හිදී "Legendary Woman in Media & Editorial  Excellency" සම්මානයෙන් පිදුම් ලැබුවා.

සිරිකත පුවත් පතේ උදේශිකා නෙළුම්දෙණිය "Excellence in media & editorial contribution Lengedary Women of the Year 2025" සම්මානයෙන් පිදුම් ලැබුවා. 

එමෙන්ම  "සන්" (ඩේලි මිරර්) පුවත්පතෙහි කර්තෘ, විජය පුවත්පත් සමාගමේ සමාජ මාධ්‍ය අංශ ප්‍රධානී රිෂිනි වීරරත්න Women's Legends Awards 2025 හිදී "Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka" සම්මානයෙන් පිදුම් ලැබුවා. එම සම්මානය ඇය වෙනුවෙන් ලබා ගත්තේ සමාජ මාධ්‍ය අංශයේ නියෝජ්‍ය ප්‍රධානී තස්මිනා සූකූර් විසින්. 

සටහන - කසුනි විජේසිංහ 

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Previous

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Next

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

Realted Post

Leave a comment