අම්මටයි දුවටයි ෆ්ලෙයාඩ් කලිසමක්

 

 

සමහර ඇඳුම් තිබෙනවා හැම කාලයකටම ගැළපෙන. කලිසම කියන්නෙත් එවැනි ඇඳුමක්. කලිසම ගතටද පහසුයි. ඒත් වයසින් වැඩි බොහෝ දෙනෙකු වැඩි කැමැත්තක් දක්වන්නේ කලිසම, කලිසමක් ලෙස නොපෙනෙන ආකාරයට අඳින්නයි. අද ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි කලිසමක්. මේ කලිසම මසා ඇත්තේ ෆ්ලෙයාර්ඩ් ආකාරයටයි. මෙය තරුණ මෙන්ම වැඩිහිටි කෙනෙකුට වුවත් ගැළපෙන කලිසමකි. මේ සඳහා රෙදි තෝරා ගැනීමේදී ලිනන් හෝ විස්කෝස් රෙදි භාවිතා කළ හැකිය.


මේ සඳහා අවශ්‍ය මිමි අඟල්වලින් ලබාගන්න.
ඉණ වට - 28−­4¬1= 8

කිල් උස - 9+ 1/2 (කරුව උස)
උස - 38


දැන් කලිසමේ ඉදිරිපස හා පිටුපස මේ ආකාරයට සකස් කරගන්න.


අඟල් 60 පළල රෙදි යාර 3 ක් ගෙන එය ෆ්ලෙයාර්ඩ් ආකාරයට නවන්න. ඉණ වට මිම්ම (28÷4+1ු 8) ලකුණු කරන්න. රූප සටහන බලන්න. මෙහිදී ඉදිරිපස හා පසුපස එක සමාන ආකාරයට නවා ඉණ මිම්ම ලකුණු කිරීමට පෙර අඅඟල් 2 ක ප්‍රමාණයක් ඉණ සිට හැඩකර උස අතට කපන්න. සකස් කර ගත් ඉණ මිම්ම ලකුණු කර ගත් පසු කිල් උස ලකුණු කරන්න. එතැන් සිට හරස් අතට අඟල් 2 1/2 ලකුණු කර කරුව හැඩය අඳින්න. කලිසමේ යට ෆ්ලෙයාර්ඩ් එක අඟල් 60 පළලට කපාගන්න. 


මේ ආකාරයට කපා ගත් රෙද්ද අපි දැන් මෙසේ මහමු. 


කපාගත් ඉදිරිපස හා පසුපස කරු දෙක පළමුව මූට්ටු කරන්න. ඉන් පසු අංශ දෙකද මූට්ටු කර අඟල් 8 ෂිපරයක් අල්ලන්න. ඉණ පටිය අඟල් 1 1/2 ක් වන සේ අල්ලන්න. දෙපසට කලිසමේ වර්ණයට සුදුසු බොත්තම් වර්ගයක් ගෙන අල්ලා කලිසම හැඩ කරගන්න.

 

සුබෝධිනී පෙරේරා


 

 

ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස මෙගා සෝලර් සමාගම GoodWe සමඟ අත්වැල් බැඳගනී Read Previous

ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස මෙගා සෝලර් සමාගම GoodWe සමඟ අත්වැල් බැඳගනී

අභිමානවත්  සිරිකතක 45වන සංවත්සරය Read Next

අභිමානවත් සිරිකතක 45වන සංවත්සරය

Realted Post

Leave a comment