ආපදා තත්ත්වය හමුවේ බිඳවැටුණු සන්නිවේදන ජාල යථා තත්ත්වයට පත් කිරීමට රජයෙන් විශේෂ මෙහෙයුමක්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් බාධාවට ලක්ව ඇති දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ රජය සහ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගම් අතර සාකච්ඡාවක් අද (29)  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලය, 'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) ලේකම් කාර්යාලය, ඩිජිටල් අමාත්‍යංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ඒකාබද්ධව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

පවතින අධික වර්ෂාව සහ ආපදා තත්ත්වය හේතුවෙන් සම්ප්‍රේෂණ කුළුණු (Transmission Towers) සඳහා විදුලිය ඇනහිටීම සහ ජාල බිඳවැටීම් නිසා ජනතාවට, විශේෂයෙන්ම ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සිය ඥාතීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම මෙහිදී  විශේෂ සාකච්ඡාවට ලක් විය.

ඒ අනුව, විදුලිය ඇනහිට ඇති කුළුණු සඳහා කඩිනමින් ජනන යන්ත්‍ර (Generators) හෝ විකල්ප බලශක්ති සැපයීමට අදාළ සමාගම් සහ විදුලිබල මණ්ඩලය අතර සෘජු සම්බන්ධීකරණයක් ඇති කිරීමටත්, හානියට පත් කුළුණු අලුත්වැඩියා කිරීමට අවශ්‍ය තාක්ෂණික කණ්ඩායම් ආපදා ප්‍රදේශවලට යැවීමට රජයේ ප්‍රවාහන සහ ආරක්ෂක අංශවල සහාය ලබා දීමටත් මෙහිදී තීරණය කෙරිණි.

ආපදා අවස්ථාවලදී ජාල තදබදය අවම කරමින් හදිසි ඇමතුම් (Emergency Calls) සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට ක්‍රියාකරුවන් එකඟතාව පළ කළහ.

මෙම ගැටලු  විසඳීමට රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් යන මහත්වරු සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ඇතුළු රජයේ උසස් නිලධාරීහූද, මෙරට ප්‍රධාන දුරකථන සේවා සැපයුම්කරුවන් වන ඩයලොග් (Dialog), එස්.එල්.ටී මොබිටෙල් (SLT-Mobitel), හච් (Hutch) සහ එයාර්ටෙල් (Airtel) යන සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.


ජනාධිපති මාධ්‍ය අංශය

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක් Read Next

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක්

Realted Post

Leave a comment