ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද (25) පෙරවරු 06.05ට යෙදී තිබුණි.
‍
පෙර සිට පැවත එන සිරිතට අනුව අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ පිහිටි "පණස වෘක්ෂයේ" පේ කොට තබන ලද ශාඛාවක් ඊයේ (24) මහනුවරට පෙරහැරින් රැගෙන ඒම සිදු විය.

අනතුරුව නිලමේවරුන්ගේ සහභාගිත්වයෙන් පුරාණ චාරිත්‍ර හා ආගමික වතාවත්වලට අනුව මෙම කප් සිටුවීමේ මංගල්‍යය ආරම්භ විය.

මේ අතර ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහර මංගල්‍යෙයේ ප්‍රථම කුඹල් පෙරහැර එළැඹෙන 30 වැනිදා ආරම්භ වීමට නියමිතය.

එමෙන්ම අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දිනද, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට Read Previous

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට

හෘද රෝග අවදානම අඩු කරන දෙයක්  ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු Read Next

හෘද රෝග අවදානම අඩු කරන දෙයක් ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු

Realted Post

Leave a comment