එච්.ආර්. ජෝතිපාල 38 වන අනුස්මරණයට; ’’සිරියාමේ සාරා’’

සිංහල සිනමාවට මෙන්ම ලාංකීය සංගීත ක්‍ෂෙත්‍රයට සිය ගායන කෞෂල්‍යයෙන්  අමිල මෙහෙවරක් කල එච්. ආර්. ජෝතිපාල අසහය ගායකයාණන් දිවංගතවී 2025.07.07 දිනට පුරා වසර 38 ක් වන අතර කලා ලංකා පදනම විසින් එතුමා වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන සිරියාමේ සාරා 38 වන අනුස්මරණ සංගීත ප්‍රසංගය ජුලි මස 07 වන දින සවස 5 ට මරදාන එල්ෆීන්ස්ටන් රගහලේ දී පැවැත්වුණා.

මෙම අවස්ථාවටකලා ලංකා පදනමේ සභාපති ආචාර්ය මර්වින් සිල්වා, කලා ලංකා පදනමේ ලේකම් දේශමාන්‍ය සමන් අබේගුණරත්න, හිටපු අමාත්‍යවරුන් වන එච්.එම්. ෆවුසි, තිස්ස අත්තනායක,  ද චාන්ස් ස්පෝර්ට්ස් අධිපති ලසන්ත අමරසිංහ, සිංහාධිපති මහේෂ් බොර`ඵගොඩ, සමාජ සේවක හසීම් ඔමාර්, ව්‍යාපාරික පිනෝමිල් පතිරණ, ව්‍යාපාරික විජිත සෙනෙවිරත්න, ව්‍යාපාරික ලිලන්ත පෙරේරා, ව්‍යාපාරික රන්ජන් ද සිල්වා , කලා ලංකා පදනමේ භාණ්ඩාගාරික චිත්‍රපට නිෂ්පාද සලීම් මොහොමඩ් ඇතූ`ඵ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වන්නට වුණා. 

එමෙන්ම සංගීතය නාවික හමුදා තූර්ය වාදක මණ්ඩලයේ සංගීතයට ජනප්‍රිය නළු නිළියන් සහ ගායක ගායිකාවන් රැසක් ගීත ගායනයෙන් දායක වී තිබෙනවා. 

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

අඹ කරිය හරියටම මෙහෙමයි Read Next

අඹ කරිය හරියටම මෙහෙමයි

Realted Post

Leave a comment