කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට SJB විශේෂ වැඩපිළිවෙළක්

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා අයිතිවාසිකම් එක් දිනයකට පමණක් සීමා නොකර වසර පුරා සුරක්ෂා කරන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා පැවසීය.

මෙම අදහස් ඔහු ප්‍රකාශ කළේ සමගි ජනබලවේගය  හා සමගි ජනබලවේගය විසින් කොළඹ  දී සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමිනි.

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාවෙන් සුරක්ෂා කිරීම සඳහා විශේෂ වනිතා කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම ‘ජන නළ ලිය’ වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කරන බවත් කාන්තා සුබසාධනය, ජීවනෝපාය වර්ධනය සහ ආරක්ෂාව සඳහා ගම් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරට ලක්ව ඇති කාන්තාවන්ට නොමිලේ නීති සහාය ලබා දීමටත් කාන්තාවන්ගේ අධ්‍යාපන හා ඩිජිටල් දැනුම ශක්තිමත් කිරීමටත් පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ  ආශිර්වාද ලබා ගැනීම Read Previous

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ආශිර්වාද ලබා ගැනීම

Fatty Liver පාලනයට උපකාරී වන ආහාර Read Next

Fatty Liver පාලනයට උපකාරී වන ආහාර

Realted Post

Leave a comment