කාල්ටන් පෙර පාසල් ජාලයේ විවිධ ප්‍රසංගය

කාල්ටන් පෙර පාසල් ජාලයේ කොළඹ සහ ගල්කිස්ස පෙර පාසල්හි වාර්ෂික විවිධ ප්‍රසංගය 29 වන දින පස්වරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා ජපන් තානාපතිතුමන්ගේ බිරිඳ  වන ඉසොමතා චියෙකෝ මහත්මිය ප්‍රමුඛ
සම්භාවනීය ආරාධිත පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

කලා හා ශිල්ප මුල් ළමාවිය අධ්‍යාපනයේ වැදගත් අංගයන් ය. නිර්මාණශීලී ඉගෙනුම් ව්‍යාපෘති මගින් දරුවෙකුගේ ස්වභාවික පරිකල්පනය පෝෂණය කළ හැකි අතර, දරුවන්ට ද නොදැනීම ජීවිත කාලය පුරාවටම බලපානු  ලබන අත්‍යවශ්‍ය ජීවන කුසලතා වර්ධනය කිරීමට උපකාර කරයි. එවන් නිසි මග පෙන්වීමක් ලබමින්, එදින තම කුසලතා හා දක්ෂතා දැක්වූ  මේ රටේ අනාගත භාරකරුවන් වන මගේම ආදරණීය දුවා දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමින්  ඒ වෙනුවෙන් කැපවූ මාගේ ආදරණීය බිරිඳ ශිරන්ති ඇතුළු කාල්ටන් පෙරපාසලේ ගුරුවරුන් වෙත සුබාශිංශන පිරිනමමි.
 සෑම දරුවකුගේම මානසික සංවර්ධනය ඇතිකොට ජීවිතය කියාදී  වැඩදායි  පුද්ගලයකු රටට සමාජයට දායාද කිරීමට අසීමිතව කැප කිරීම් කරන සෑම ගුරුවරයෙකු ම මම මේ අවස්ථාවේ ගෞරවයෙන්  සිහිපත් කරමි.

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි Read Previous

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක් Read Next

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක්

Realted Post

Leave a comment