කුළු බඩු ආශ්‍රිත ආහාර සකස් කිරීමේ තරගයක්

ස්පයිසී ගැලරී -2025  (Spicy Gallery ) වෙළෙද ප්‍රදර්ශනයට  සමගාමීව මධ්‍යම පළාතේ පාසල්  සිසුන්ගේ සහභාගිත්වයෙන් කුළු බඩු ආශ්‍රිත ආහාර සකස් කිරීමේ තරගයක් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC)  හිදි පැවැත්විණි.

 


මධ්‍යම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන විසින්  වැඩසටහන  සංවිධානය කරන ලදි.


මේ සදහා සහභාගීවූ පාසල් සිසු සිසුවියන්ට  මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරුණු අතර දේශීය කුළුබඩු භාවිතය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් සබරගමුව විශ්වවිද්‍යාලයේ සුලෝචනා සෙනවිරත්න මහත්මිය විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යයංශයේ ලේකම්    මධුපානී පියසේන,   මධ්‍යම පළාත් ප්‍රධාන පළාත් කර්මාන්ත අමාත්‍යංශය ලේකම් චරිතා ඉලංගකෝන්, කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත,  ඒම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන්, මහනුවර හෝටල් පාසලේ විධායක අධ්‍යක්ෂ දුලේන්ද්‍ර හේරත්   යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුහ.


මාතලේ - මහේෂ් කිර්තිරත්න

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි Read Next

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි

Realted Post

Leave a comment