කොරියානු තානාපතිනිය සහ විපක්ෂ නායක හමුවෙයි

කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන ගරු Miyon Lee මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙරටින් කොරියාව බලා පිටත්වන ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් කොරියානු තානාපතිවරිය හමුවේ අවධාරණය කළේය. 2004 වසරේ දී කොරියාව සමග ඇති කර ගත් ගිවිසුම අනුව නිෂ්පාදන සහ සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා සඳහා භාෂා ඇතුළු කුසලතා මත බඳවා ගන්නා බවත් සාමාන්‍ය කාර්තුවකට 1500-2000 අතර බදවා ගත්තත් 2023 සිට එය 200ට අඩු වී ඇති නිසා මේ වන විට 2023 විභාගය ලියු 5000කට අධික පිරිසක් අසරණ වී ඇති බවත් පෙන්වා දුන්නේය. එබැවින් පවතින රැකියා කෝටාවට වඩා වැඩි රැකියා අවස්ථා ලබා දෙන ලෙසත් ඉල්ලා විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී ද මෙම කොරියානු රැකියා ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධාණය යොමු කිරීමට කටයුතු කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුධයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් ඒ සඳහා රටට විශාල වශයෙන් විදේශ විනිමය ලබා දෙන විදේශගත නිපුණතා සහිත ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා උදා කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙසත් පසුගිය කාලයේ රටක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක් Read Previous

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක්

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Next

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Realted Post

Leave a comment