කොළඹදී පැවැත්වූ වෙසක් සැමරුම්

අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් හා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ස්වදේශ කටයුතු අංශයේ දායකත්වයෙන්, ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ City FM සේවය සංවිධාන කළ වෙසක් බැති ගී පුදසර වැඩසටහන කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විනු අතර එම වෙසක් බැතිගී සරණියේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍යවරිය සහභාගී වූවාය. මෙම  "බැති ගී පුදසර" වැඩසටහනේදී  කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 12 ක් නියෝජනය කරමින් සිසු සිසුවියෝ බැති ගී ගායනා ඉදිරිපත් කළහ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ගිහාන්ද සිල්වා යන මහත්වරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

මැයි 13 වැනිදා සිට පැවැත්වෙන "බුද්ධ රශ්මි වෙසක් කලාපයට" සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් වැඩසටහන් සංවිධාන කෙරුණු අතර මැයි 14 වැනිදා එහි පැවති බැති ගී සංදර්ශනයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

සියතින් එයත් ලස්සනයි Read Next

සියතින් එයත් ලස්සනයි

Realted Post

Leave a comment