චත්‍ර වීරමන්ගේ ’ආයු’ ඔක්තෝබර් මාසයේ රිදී තිරයට!

ජගත් මනුවර්ණ - අශාන් ඩයස් - සැන්ඩ්‍රා මැක් ප්‍රධාන රංගනයෙන් එක් වූ 'ආයු' (AYU) සිංහල චිත්‍රපටය මෙම ඔක්තෝබර් මාසයේදී දිවයින පුරා තිරගත වීමට නියමිතව තිබෙනවා.

ආයු අධ්‍යක්ෂණය කරන්නේ ආලෝකෝ උදපාදී ඔබ වෙත ගෙනා චත්‍ර වීරමන් විසින්. 

ප්‍රියන්ත සිරිකුමාර, මාලිනී ෆොන්සෙකා, තුමිඳු දොඩන්තැන්න, නලින් ලුසේනා, සමනලී ෆොන්සේකා ඇතුලු තවත් නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.

තිරගත කරන්නට පෙර ලෝ පුරා ජාත්‍යන්තර සිනමා උළෙල රැසක් නියෝජනය කරමින්, විදෙස් සම්මානයට පාත්‍ර වන්නටත් ආයු සිනමාපටයට හැකියාව ලැබනා.

මෙම චිත්‍රපටයේ මාධ්‍ය එළි දැක්වීම ඊයේ (15) දිනයේදී ඉතාමත් උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා. 

සමස්ත චිත්‍රපටයම කුතුහලයෙන් පිරුණු කතා වස්තුවකින් සමන්විත වන අතර වර්ණ සංකලනයන් රූපරාමුවෙන් රූපරාමුවට සරිලන ලෙස සංස්කරණය කරන ලද අගනා නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටය හැඳින්විය හැකියි.

සටහන - කසුනි විජේසිංහ 


 

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි Read Previous

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි

සිතට සැනසීම සහ ලොවට ආලෝකය රැගෙන ආ උතුම් වෙසක් මංගල්‍යය Read Next

සිතට සැනසීම සහ ලොවට ආලෝකය රැගෙන ආ උතුම් වෙසක් මංගල්‍යය

Realted Post

Leave a comment