ජාතික රූපවාහිනි තරු දිලෙන අවුරුදු 2026

ජාතික රූපවාහිනී සිරිලක පිරි අවුරුදු සිරි ජාතික අවුරුදු උදානයට සමගාමීව සංවිධානය කෙරූ " තරු දිලෙන අවුරුදු උලෙළ 2026 " වැඩසටහන පසුගියදා බේරුවල The Palms Hotel පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා  කලා ක්ෂේත්‍රයේ කලාකරුවන්,ගායික ගායිකාවන් විශාල පිරිසක් ද, ශ්‍රී ලංකා රූපවහිනි සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් මනෝජ නදීෂන අමරසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක්ද, සහභාගී වූහ.
විවිධ අලුත් අවුරුදු ක්‍රීඩා,විවිධ නර්තන ගායන අංග රැසකින් මෙම අවස්ථාව වර්ණවත් වූ අතර 2026 අප්‍රේල් මස 14 වැනිදා සවස 2.00 ට ජාතික රූපවාහිනීය ඔස්සේ මෙම වැඩසටහන විකාශනය වීමට නියමිතය.
මෙම වැඩසටහනේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය "සිරිකත" පුවත්පතයි.
ඡායාරූපය සහ සටහන - රුෂිරු කොළඹතන්ත්‍රිගේ

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Previous

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Next

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

Realted Post

Leave a comment