මාතලේ නිදහස් උළෙල අභිමානවත්ව සමරයි...

 78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව මාතලේ දිස්ත්‍රික් නිදහස් දින සැමරුම් උත්සවය අද  බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම⁣ගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

යුදහමුදාව,,ගුවන් හමුදාව,නාවික හමුදාව,පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය , මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 15 ක පෙර අපර තූර්යවාදක කණ්ඩායම්, සහ ආචාර පෙලපාලි කණ්ඩායම් රැසක් උත්සවයට එකතු වී තිබිණි.

මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් ම වරහන්සේලා, හින්දු, ස්ලාම්, කතෝලික ආගමික පූජකතුමන්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසල⁣ගේ, දිනේෂ් හේමන්ත, මාතලේ නගරාධිපති අජිත් කොට්ටච්චි, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදාවේ, සිව්ල් ආරක්ෂක බලකායේ , ශ්‍රී ලංකා  පොලිසියේ  දිස්ත්‍රික් ප්‍රධානීන්, ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

නිදහස තේමා කොටගත් අලංකාර නර්ථ අංග කිහිපයකින් උත්සවය  වර්ණවත් කොට තිබිණි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන  විසින් උත්සවය සංවිධානය කොට තිබුණි.

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද? Read Next

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද?

Realted Post

Leave a comment