මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවිදුන් රවිරුවන්ට පුෂ්පෝපහාර

76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, මියගිය රණවිරුවන් කල අතිමහත් කැපකිරීම් හා ජීවිත පරිත්‍යාගයන්  සිහිපත් කරමින් 2025 ඔක්තෝබර් මස 08 වන දින බත්තරමුල්ල රණවිරු ස්මාරකයේදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී විය.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමා ඇතුලු  යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මාතෘභූමියට සාමය උදාකිරීම සඳහා ජීවිත පරිත්‍යාග කරන ලද විරෝධාර රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර පුදකළහ. 
 
යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් ඇතුලු සෙසුනිළයින් පිරිසක් මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන ලදි.

බෝවතැන්න ජලාශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක ගමනාන්තයක් Read Previous

බෝවතැන්න ජලාශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක ගමනාන්තයක්

හෘද රෝග අවදානම අඩු කරන දෙයක්  ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු Read Next

හෘද රෝග අවදානම අඩු කරන දෙයක් ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු

Realted Post

Leave a comment